ගුවන් හමුදාව ප්‍රථම වතාවට ආර්යුවේද සායනයක් ආරම්භ කරයි

Share

රාජගිරිය ආර්යුවේද රෝහලේ ආර්යුවේද වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන, ගුවන් හමුදා කොළඹ කඳවුරු රෝහලේ අභිනවයෙන් විවෘත කරන ලද ආර්යුවේද සායනය විවෘත කිරීමේ උත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරම්භ කළ මෙම ආර්යුවේද සායනය මගින් ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙන්ම විශ්‍රාමික ගුවන් හමුදා පුද්ගලයින් සඳහාද ආර්යුවේද ඖෂධ ලබා දෙනු ඇත.

මෙම ආර්යුවේද සායනය රාජගිරිය ආර්යුවේද රෝහල සමඟ ඒකාබද්ධව සෑම මසකම බ්‍රහස්පතින්දා දිනයන්හිදී කොළඹ ගුවන් හමුදා කඳවුරු රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

Read more

Local News