ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය ගැන ලෝක ආහාර වැඩපිළිවෙලින් යළිත් අනතුරු ඇගවීම්

Share

දුර්වල, කෘෂිකාර්මික නිෂ්පාදනය මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ. ශ්‍රී ලංකාවේ ආහාර, අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි බවට, ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙළ අනතුරු අඟවා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ආහාර වැඩපිළිවෙල නව වාර් තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මිලියන හයයි දශම තුනක ජනතාවක් මධ්‍යස්ත මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිත භාවයකට මුහුණ දෙන බවයි. ඒ නිසා ප්‍රමාණවත් ජීවිතාරක්ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුන්නොත් ඔවුන්ගේ තත්වය වඩාත් බැරෑරුම් විය හැකි බව ද මෙම සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

ශ්‍රී ලංකාව පිළිබඳ ඒකාබද්ධ අහාර බෝග සහ සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාව ශ්‍රී ලංකාවේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට කොළඹ දී භාරදී තිබෙනවා. එම අවස්ථාවේදී අදහස් දක්වමින් විම්ලේන්ද්‍ර ශරන් පවසා ඇත්තේ ජනගහනයෙන් සියයට තිහකට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ආහාර අනාරක්ෂිත භාවයට පත්ව ඇති බවයි. ඒ නිසා හදිසි ආධාර ප්‍රමාද වුණොත් ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය තවදුරටත් උග්‍ර විය හැකි බවත් ඔහු පෙන්වා දී තිබුණා. ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙළ සිදුකරන ලද ඒකාබද්ධ ආහාර බෝග සහ සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාවට අනුව ආසන්න වාර දෙකක් බෝග අස්වැන්න අසාර් තක වීම නිසා ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය සියයට පනහක පමණ පහතට වැටී ඇති අතර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආහාර සහ ධාන්‍ය ආනයනයද අඩුවී ඇති බවයි පෙන්වා දී තිබුණේ.

Read more

Local News