එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අද දෙවන දිනටත්

Share

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පනස් එක් වන සැසිවාරය අද දෙවන දිනටත් පැවැත්වෙනවා. ඊයේ දින පැවති සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ද ඉදිරිපත් කෙරුණා.

මේ අතර ත්‍රස්ත පනත භාවිත කරමින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිඥ නුවන් බෝපගේ මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මානව හිමිකම් වාර්තාව පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක්ද ජිනීවා නුවරදී අද පෙරවරුවේ පැවැත්වුණා.

Read more

Local News