කේරළ ගංජා තොගයක් වයඹ මුහුදේදී අත්අඩංගුවට

Share

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2022 සැප්තැම්බර් මස 13 වන දින සවස වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 434 ක (තෙත බර සහිත) පමණ තොගයක් රැගත් ඉන්දීය යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ජාතික සැකකරුවන් 05 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

තවද, එම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන මෙරට ධිවර යාත්‍රාවක් සමඟ ශ්‍රී ලාංකීය සැකකරුවන් 05 ක් ද මෙම මෙහෙයුමේදි අත්අඩංගුවට ගන්නා ලදි.

Read more

Local News