2022 අපොස උසස් පෙළ විභාගයේ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු මෙහෙයවීම හෙට (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරේ.
හෙට දිනයෙන් පසු උසස් පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඊයෙ සමාන ප්‍රශ්න දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර නිවේදනය කර තිබේ.
2022 උසස් පෙළ විභාගය එළඹෙන 23 සිට පෙබරවාරි 17 දක්වා පැවැත් වේ.



