ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

Share

ඉදිරි පැය 24 සඳහා වන තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පොතුවිල් සිට මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55 – 60 දක්වා වැඩි වේ.

මුහුදු රළ උස මීටර් 2.5 – 3ත් අතර ඉහළ යාමේ හැකියාවක් පවතී.

එබැවින් මුහුදු ප්‍රදේශය රළු විය හැකිය.

අද (30) පස්වරු 6ට ඉහත දැක්වු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ධීවරයින්ට හා නාවිකයින්ට ද අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read more

Local News