75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වීම හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන් සඳහා පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියාසිටියේ, නිදහස් දින පෙරහුරු සහ නිදහස් දිනය දා රියදුරන් ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.