බොරැල්ල හල්ගහකුඹුර සහස්පුර නිවාස සංකීර්ණයේදී කාන්තාවක් වෙඩි වැදීමකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිවාස සංකීර්ණයේ වැටලීමකට ගිය යුද්ධ හමුදා සාමාජිකයෙකු සිදු කළ වෙඩි තැබීමකින් අදාල ඝාතනය සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
අදාල වැටලීමට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ගොස් ඇති අතර ඔවුන් මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.