ගොවි ගිණුම්වලට මුදල් බැර කිරීම හිතාමතාම ප්‍රමාද කිරීම බලධාරීන් පිරිසකගේ දේශපාලන වුවමනාවක් මත සිදු කළ ක්‍රියාවක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඒ පිළිබඳව සමාලෝචන රැස්වීමක් ඊයේ පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැත්වුණා.
ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍යාධාර යටතේ මෙරට ගොවීන් ලක්ෂ දොළහකට ආසන්න ප්‍රමාණයකට ලබා දීමට නියමිත මුදල් අදාළ ගිණුම්වලට බැර කිරීමේ වැඩපිළිවෙළ ප්‍රමාද කර තිබෙනවා.
එය කෘෂිකර්ම ක්ෂේත්රයට අදාළ නිලධාරීන් පිරිසකගේ දේශපාලන උවමනාව මත සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි කෘෂිකර්ම අමාත්‍යංශයට තොරතුරු අනාවරණය වී ඇත්තේ.
අදාළ මුදල් ගොවි ගිණුම්වලට යැවීම ප්‍රමාද වීම, ගිණුම් අංක වැරදියට සඳහන් කිරීම නිසා රුපියල් මිලියන එක්දහස් තුන්සීයක් ආපසු ඒම හා ඇතැම් ගොවිජන සේවා බල ප්‍රදේශ වලින් මෙතෙක් කිසිඳු ගිණුම් අංකයක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට නොලැබීම යන කරුණු මත එය කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානයට යොමු වී තිබෙනවා.
ඒ අනුව එම කරුණු සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමේ රැස්වීමක් ඊයේ පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේ දී පැවැත්වුණා.
එහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබුණේ, අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.
ඊට අමතරව එවැනි නිලධාරීන් පිළිබඳ වහාම තොරතුරු එක්රැස් කරන ලෙසද, අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයාටද උපදෙස් ලබාදී තිබෙනවා.