පෙර සැලසුම් කළ පරිදි තැපැල් ඡන්ද නිකුත් සිදු කරන්නේ නැති බව කොමිසම දැනුම් දීමත් සමග ඊට එරෙහිව විරෝධතාවයක් ද ඊයේ රාත්රියේ පැවැත්වුණා.
ඒ මැතිවරණ කොමිසම ඉදිරිපිට දී.
අරගලය ප්රජාතන්ත්රවාදී නැති බව වත්මන් පාලකයින් නිතර ප්රකාශ කරනවා.
එසේ පවසන පාලකයින් ප්රජාතන්ත්රවාදයේ මුදුන්මල්කඩ වන ඡන්දය කල් දැමීම විමතිය දනවන කාරණයක් බවයි විරෝධතාකරුවන් පවසන්නේ.