ජපන් රජය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන හතළිස් හයක මානුෂීය ආධාර ප්රදානය කිරීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන ගිවිසුම එළැඹෙන 22 වැනිදා අත්සන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.
මෙම මානුෂීය ආධාර මගින් වෛද්‍ය සේවා සැපයීම පිණිස දිවයිනේ සියලු රජයේ රෝහල්, ගිලන් රථ, වෛද්‍ය කාර්ය මණ්ඩල සහ උපකරණ ප්‍රවාහන වාහන 1180ක් සඳහා ඩීසල් ඉන්ධන ලීටර් මිලියන විස්සක් ලබා දීමට නියමිත බව සඳහන් කෙරේ.