මඩකලපුව බන්ධනාගාරයට අයත් තිරිප්පෙරුම්තුරෙයි ප්‍රදේශයේ අක්කර දහයක පමණ භූමියක වී වගාව සිදුකර තිබෙනවා.
බන්ධනාගාර රැඳවියන් එක්ව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී වගා කටයුතු ආරම්භ කර ඇත්තේ.
දේව මෙහෙයකින් අනතුරුව අස්වනු නෙලීම ඊයේ සිදුකෙරුණා.
ඒ බන්ධනාගාර අධිකාරි එන් ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙනුයි.
ගොඩබිමෙන් අක්කරයකට වී මලු පහළවක් අපේක්ෂා කළ බවත්, අපේක්ෂා කළ මට්ටමින් ඉතා හොඳ අස්වැන්නක් ලැබී ඇති බවත්, බන්ධනාගාර අධිකාරිවරයා පවසා සිටියා.