Home දේශීය පුවත් පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්

පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්

0
පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්

පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්

ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් නියාසි මහතා (Admiral Muhammad Amjad Khan Niazi) හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අතර නිල හමුවක් අද (2023 පෙබරවාරි මස 27 වන දින) දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයට පැමිණි පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී තුමන් ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිළධාරී එයාර් කො‍මොඩෝර් සුරේෂ් ප්‍රනාන්දු නිළධාරිතුමන් විසින් පිලිගත් අතර ඔහු වෙත ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් නියාසි මහතා අතර හමුවේදි දෙරටේ ආරක්ෂාවට බලපාන සාධක හා ඒකාබද්ධ පුහූණු විමි පිළිබද ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලදි.

අනතුරුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකල අතර මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි තුමන් ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් පිරිසක් සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here