Home දේශීය පුවත් වතුර අකුරට වැඩ – සරසවි අධ්‍යන කටයුතු ඇණ හිටී

වතුර අකුරට වැඩ – සරසවි අධ්‍යන කටයුතු ඇණ හිටී

0
වතුර අකුරට වැඩ – සරසවි අධ්‍යන කටයුතු ඇණ හිටී

රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ වූ වෘත්තිකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇතැම් වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කළේ පිළිගත හැකි ප්‍රතිචාරයක් මෙතෙක් රජයෙන් ලැබී නැති බවයි.

ඒ අනුව විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන බවයි ඔවුන් පවසන්නේ.

රැස්වීම් සඳහා සහභාගී වීම, විසන්ධි කිරීමේ කටයුතුවලට සම්බන්ධ වීම ආදිය සිදු කරන්නේ නැති බව ද ඔවුන් සඳහන් කළා.

මේ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලෙනවා. සාකච්ඡාවලින් නිසි විසඳුම් ලැබී නැති නිසා උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කරන බවයි ඔවුන් පවසන්නේ.

රජයේ වෛද් ය නිලධාරීන්ගේ සංගමය වෙත ජනාධිපති ලේකම්වරයා එවූ ලිපියක් පදනම් කරගනිමින් ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මේ වන විට තාවකාලිකව අවසන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here