ඇතැම් පිරවුම්හල් මිල සංශෝධන අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නැහැ – කංචන

Share

අද (29) උදෑසන 6.00 ට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීම පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ ඇති නමුත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධන අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නොමැති බවද, ඔවුන්ට තම ඇණවුම් සිදුකර අවශ්‍ය අවම තොග පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

Read more

Local News