ඉන්දීය යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජනපති හමු වෙයි

Share

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දියාවේ යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල්, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ සමඟ (අප්‍රේල් 01) ජනපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා උපකාර කරන්නේ කෙසේද යන්න සහ ඵලදායී අධීක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වා දීමෙන් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම භාරත් ලාල්ගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වී තිබේ.

Read more

Local News