ජලයේ සිදුවන ආපදා තත්වයකදී මුදවා ගැනීමේ පුහුණුවක් පානදුරදී

Share

හදිසි ආපදා තත්වයකදී ජලයේ අනතුරට පත් පුද්ගලයින් සෙවිමි හා මුදවා ගැනීමේ නිදර්ශණාත්මක පෙරහුරුවක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මත ගුවන් හමුදා අංක 7 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය හා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය එක්ව පානදුර වෙරළ උද්‍යානය අසල මුහුදු තීරයේදී පසුගියදා සිදු කරන ලදී.

පසුගිය කාල වකවානුවේ අප රටට බලපෑ ගංවතුර උවදුරුවලදි හා මුහුදේදී සිදු වු හදිසි අනතුරු වලදී අනතුරට පත්වූ පුද්ගලයින්ගේ ජීවිත බේරාගැනීමේ ක්‍රියාදාම රැසකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය දායකත්වය ලබාදුන් අතර මෙම පුහුණු පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වනුයේ ඉදිරියේදී ඇති විය හැකි එවැනි ආපදා තත්වයන්ට සාර්ථකව මුහුණදිය යුතු ආකාරය පිළිබදව ප්‍රගුණ කිරීමයි.

ගුවන් හමුදා අංක 7 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් ඛෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදාගනිමින් කඹ ආධාරයෙන් අනතුරට පත් පුද්ගලයින් මුදවා ගන්නා ආකාරය ප්‍රායෝගිකව විදහා දක්වු මෙම නිදර්ශනාත්මක පුහුණුව සදහා ගුවන් නියමුවන්, ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භටයින් ඇතුලූ පිරිසක් සහභාගී වන ලදි.

මෙම නිදර්ශනාත්මක පෙරහුරුවේ අධීක‍ෂණ කටයුතු අංක 07 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සමිර විදානපතිරණ සහ ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් සුමිත් බණ්ඩාර නිළධාරීන් විසින් සිදුකරන ලදී.

Read more

Local News