ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ලෝක බැංකුව සිය නවතම වාර්තාව නිකුත් කර තිබෙනවා.
2024 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මක වර්ධනයක් කරා ලඟා වීම ආරම්භ වුවද එය මන්දගාමී තත්ත්වයක පවතින බවයි අදාල වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.
දැඩි ආර්ථික අර්බුද හමුවේ ගිය වසරේ මෙරට ආර්ථිකය සැලකිය යුතු ලෙස හැකිලීමට ලක්වූ අතර මේ වසරේදී අර්තිකයේදී සිදුවන සංකෝචනය එලෙසම බලාපොරොත්තු විය හැකි බවයි ලෝක බැංකුව පුරෝකථනය කරන්නේ.
ඒ අනුව මෙරට ආර්ථිකය මේ වසරේදී 4.3% කින් හැකිලෙනු ඇති බවද ලෝක බැංකුව අනතුරු අඟවනවා.
මේ අතර රැකියා අහිමිවන සහ දිළිඳු බවට පත්වන පවුල් සංඛ්‍යාවත් ඉහළ යනු ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.