උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් පී 411 වේග ප්‍රහාරක යාත්‍රාව යොදවා යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 15 වන දින රාත්‍රී කාලයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඉන්දීය ඩව් යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කරන ලදි. එහිදි, එම යාත්‍රාවෙහි පාර්සල් විසි තුනක (23) අසුරන ලද කේරළ ගංජා කිලෝ 62 ග්‍රෑම් 400 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ එම ඩව් යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 20 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.