ආනයනික කිරිපිටි මිල තවදුරටත් අඩුකිරිමට ආනයනකරුවන් එකඟතාව පළකර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ කිරිපිටි ආනයනකරුවන් සමග ඊයේ රාත්‍රියේ පැවැත්වූ සාකච්ඡාවකදී ඔවුන් ඒ සම්බන්ධයෙන් එකඟතාව පළ කළ බවය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඊයේ පැවැති සාකච්ඡාවලදී පළවූ එකඟතා අනුව කිරිපිටි මිල අඩුවන ආකාරය පිළිබඳව ඉදිරි දින දෙක තුළ දැනුම්දෙන බව ආනයනකරුවන් සදහන් කළ බවය.
ඒ අනුව මැයි මාසයේ සිට යළි ආනයනික කිරිපිටි මිල අඩුවනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.



