බර අනුව බිත්තර අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්රකාශයට පත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
අද (20) දිනයේ සිට ක්රියාත්මක වන පරිදි ඊට අදාළ ගැසට් පත්රය ද ප්රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සුදු බිත්තර කිලෝග්රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 880ක් ලෙස ප්රකාශයට පත් කර තිබේ.
දුඹුරු බිත්තර කිලෝග්රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 920ක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.



