පළාත් 04ක උණුසුම ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙය අවධානය යොමු කළ යුතු සැලකිය යුතු මට්ටමේ උණුසුම ඉහළ යාමක් බවයි එම නිවේදනයෙහි දැක්වෙන්නේ.
එම පළාත් නම් උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹයි.
මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට අද අධික උණුසුමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



