පාස්කු ප්‍රහාරයට අද​ට වසර හතරයි

Share

2019 වසරේ අප්‍රේල් 21 වෙනිදාට යෙදුණු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර හතරක් ගතවනවා.

කතෝලික දේවස්ථාන 03 කට හා කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 03ක් ඇතුළු ස්ථාන 08ක් ඉලක්ක කර ගනිමින් ත‍්‍රස්තවාදීන් විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කර තිබුණා.

එදිනම දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක සහ දෙහිවල ලැගුම්හලකද කුඩා පිපිරීම් සිදුවුණා.

අද දිනයේදී දිවයින පුරා කතෝලික පල්ලි ඇතුලු විවිධ ස්ථාන වලදී මියගිය අය සිහිපත් කිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.

Read more

Local News