සුමාත්‍රා දූපත් ආශ්‍රිතව භූකම්පනයක්

Share

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රික්ටර් පරිමාණ ඒකකයේ 7.3ක ප්‍රබලතාවයකින් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා.

අද (25) අලුයම ගැඹුරු මුහුදේ කිලෝ මීටර් 84ක් පමණ පොළොව අභ්‍යන්තරයෙන් භූකම්පනය හටගෙන ඇති අතර පසු කම්පන කිහිපයක් ද වාර්තා වී ඇති බව ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සිය සඳහන් කළේය.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර බටහිර සුමාත්‍රාවේ වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබුණි.

කෙසේවුව ද භූකම්පනය හේතුවෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා.

Read more

Local News