උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (25) පස්වරුවේ පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ, සිය ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවය.



