ඉදිරි වසර 25 සඳහා වු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සහ අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විතව එම අනු කමිටුව පත්කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.




