කොළඹ නගරයට බහු මහල් රථගාල් 4ක්

Share

කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල් රථගාල් 4ක් ඉදිකෙරේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව මෙම රථගාල් ඉදිකෙරෙනු ඇත.

ඉන් රථගාල් දෙකක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරනු ලබන අතර අනෙක් රථගාල් දෙක පෞද්ගලික අංශය විසින් ඉදිකෙරෙනු ඇත.

Read more

Local News