ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකුට ස්ථාන මාරු

Share

ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබෙනවා.

එසේම ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පති එස් පී මැදවත්ත ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සහ වයඹ පළාත භාර ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට දකුණු පළාත භාර ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබෙනවා.

මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News