වයඹ පළාත් ආණ්ඩුකාර සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට අමෙරිකාවට ඇතුළු වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා සම්බන්ධයෙනුයි අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව මෙම තහනම පනවා ඇත්තේ.
මේ සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී ප්රකාශයක් කරන බවයි සියත ප්රවෘත්ති අප කළ විමසීමකදී හිටපු නාවික හමුදාපතිවරයා ප්රකාශ කළේ.



