උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා විභාග පරීක්ෂකවරුන් බඳවා ගැනීම වෙනුවෙන් යළි අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය හා විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්වලට අදාළව මෙම අයදුම්පත් කැඳවීම සිදුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මෙතෙක් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා අයදුම් නොකළ ගුරුවරුන්ට අද සිට මැයි මස 02 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.



