පවතින යුද තත්ත්වය හේතුවෙන් සුඩානයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු ඊයේ (29) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබේ.
විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
ශ්‍රී ලංකා රජය සුඩානයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



