රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ ඇතුළු රුසියානු දූත පිරිසක් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල හමුවිය.
එහිදී විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී (02) පෙරවරුවේ පැවැත්විණි.
මෙහිදී රුසියාවේ Kursk State වෛද්‍ය විද්‍යාලයේ දූත පිරිසක් හා අමාත්‍යවරයා අතර කරුණු රැසක් හුවමාරු විය. දෙරට අතර වෛද්‍ය සිසුන් හුවමාරුව, රුසියාවේ පශ්චාත් වෛද්‍ය උපාධිය හැදෑරීම ඇතුළු වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කරුණු රැසක් මෙහිදී සාකච්ඡා විය.
පශ්චාත් වෛද්‍ය උපාධි පාඨමාලාවන් අතරට ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව, රසායනික වෛද්‍ය විද්‍යාව ආදී පාඨමාලාවන් නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර පහසුකම් යටතේ හැදෑරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය සිසුන් සඳහා ද ඇරයුම් කෙරෙන බව රුසියානු දූත පිරිස පැවසූ අතර ඉදිරියේ දී දෙරට අතර සාකච්ඡාවට වලින් පසුව ඒ පිළිබඳ ගිවිසුම් ඇති කර ගැනීමට බලාපොරොත්තුවන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා වෛද්‍ය ජී. විජේසූරිය යන අයද මේ සඳහා සහභාගී විය.



