ඉදිරියේදී අයහපත් කාළගුණයක බලපෑම් එල්ල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් ඇති කැළඹිලි තත්ත්වය නිසයි.
මේ හේතුවෙන් එළඹෙන 6 වෙනිදා සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරනු ලබනවා.
අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.



