වෙසක් පුර පසළොස්වක පෝය දිනය අදයි

Share

සම්බුදු තෙමගුල සිදුවූ වෙසක් පුන් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය, ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය කිරීම යන අවස්ථා තුන සිදුවූ දිනය ලෙස වෙසක් පුන් පොහෝ දිනය සැමරෙනවා.

බුදුන් වහන්සේ තෙවන වරට ශ්‍රී ලංකාවේ කැලණිය පුදබිමට වැඩම කිරීම ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම ද අද වැනි දිනක සිදුවූ බවටයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ.

වෙසක් පුන් පොහෝ දිනයේ දී ආගමික සිද්ධස්ථාන කෙන්ද්‍ර කරගනිමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් පවත්වනවා.

Read more

Local News