මෙරට කාලගුණය ඉදිරි දිනවල තවදුරටත් අයහපත් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පහළ වායු ගෝලයේ පැවති කැළඹිලි තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මේ හේතුවෙන් ධීවරයින් වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බවද ඔවුන් පවසනවා.



