රේගු බදු සහනය ඉවත් කිරීම හමුවේ තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සිදුවන බව ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
තිරිඟු පිටි කිලෝග්රෑමයක තොග මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ලෝක වෙළඳපොලේ සුදු සීනි මිල ඉහළ යාම හේතුවෙන් සුදු සීනි කිලෝවක මිල රුපියල් 25කින් ඉහළ දැමීමට සිදුවන බවයි ඔවුන් වැඩිදුරටත් ප්රකාශ කළේ.



