ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශිකයින්ටද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස , දීප ව්‍යාප්තව රජයේ රෝහල් තුළ ගෙවන වාට්ටු පහසුකම් පුළුල් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 වර්ෂයේ අයවැය ඉදිරිපත් කරමින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරන ලදී.