පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Share

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් විසින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මෙම නව පනත් කෙටුම්පත මඟින් අහෝසි වීම සිදුවේ.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වුවහොත් පැරණි ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව වාර්තා වේ.

Read more

Local News