ත්‍රීවිල්වලට අලුත් වෙනසක්

Share

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (11) සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර වශයෙන් ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළා.

ඒ අනුව ඉදිරියේදී ලක්ෂ 5 ක් පමණ ත්‍රීරෝද රථ ප්‍රමාණයක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරිමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.

Read more

Local News