වියට්නාම් බෞද්ධ හිමිවරු ඇතුළු දූත පිරිසක් සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ඇතුළු අමාත්‍යාංශ නිලධාරිහු පිරිසක් අතර හමුවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ (11) පැවැත්විණි.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහාත්, බුදු දහම හා බැඳුණු සංස්කෘතිකාංග හුවමාරුව සඳහාත් මෙම දූත පිරිස ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ.
ශ්‍රී දළඳා මාලිගාව,ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය සහ මහියංගනය යනාදී බෞද්ධ කේන්ද්‍රස්ථාන වැඳපුදා ගැනීම සහ අති පූජ්‍ය භික්ෂූන් වහන්සේලා බැහැදැකීමටත් මෙම දූත පිරිසෙහි අරමුණ වේ.



