ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.
දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට මධ්‍යස්ථානයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටවල් රැසක් සහභාගී කරවා ගනිමින් එම කටයුත්ත සිදු කිරීමට ශ්‍රී ලංකාව මුල පුරා ඇති බව ද කියා සිටියා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (11) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්රදානෝත්සවය අමතමිනි.



