ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ ජාතික රෝහල සමග එක්ව පුහුණු අභ්‍යාසයක්

Share

හදිසියේ ඇතිවිය හැකි රසායනික, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබද පෙරහුරුවක්, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගෙන් කල ඉල්ලීමකට අනුව, ගුවන් හමුදා රසායනික ජීව විද්‍යාත්මක න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගය සහ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සාමාජිකයින් සමග එක්ව ජාතික රෝහල් පරිශ්‍රයේදී සිදු කරන ලදි.

අවම කාලයක් තුල රෝගින් ගුවන් මගින් හෝ ගොඩබිමෙන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සහ ක්ෂණික ප්‍රථිකාර ලබාදීම මෙම පුහුණු අභ්‍යාසයේ මූලික අරමුණ විය.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා රසායනික” ජීව විද්‍යාත්මක” න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා ඇතුලු නිළධාරීන් හා සෙසු නිළයින් මෙන්ම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ කාර්යය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී වී තිබෙනවා.

Read more

Local News