ඝාතනයට ලක්වූ ගම්පොළ තරුණියගේ සිරුර අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
එම සිරුර ඥාතීන් හඳුනාගෙන ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
ගම්පොළ ප්රදේශයේ ඔසුසලක සේවය කළ ෆාතිමා මුනවුවරා නම් තරුණිය සිය සේවා ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී අතුරුදන් වුනේ පසුගිය ඉරිදා දිනයේය.
ඇය ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි.



