ගිං සහ නිල්වලා පිටාර ගලයි

Share

දිවයිනට බලපා ඇති අධික වැසි තත්ත්වය නිසා ගිං සහ නිල්වලා යන ගංගා පිටාර ගලා තිබෙනවා.

මේ නිසා මාතර දිස්ත්‍රික්කයේ පහත බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

ගංවතුර අවධානම නිසා දකුණු පළාතේ පාසල් කිහිපයක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

කෙසේ වෙතත් වැසි තත්වයේ යම් අඩුවක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

Read more

Local News