ගිං සහ නිල්වලා තවම පිටාර මට්ටමේ

Share

මොඛා සුළි කුණාටුව හේතුවෙන් එල්ල වූ බලපෑම මත නිල්වලා සහ ගිං ගඟ පිටාර ගැලීමෙන් දකුණේ ප්‍රදේශ කිහිපයකට තවදුරටත් බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ගිං ගඟ පිටාර ගැලීම නිසා ගාල්ල නාගොඩ සහ බද්දේගම ප්‍රදේශවල පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටවී තිබෙනවා.

බද්දේගම දොඩන්ගොඩ මාර්ගයේ ස්ථාන කිහිපයක්ම ජලයෙන් යටව තිබූ නිසා වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයත් සමඟ නිල්වලා ගග සහ නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරම ආර ඔය පිටාර ගැලීමෙන් මාතර දිස්ත්‍රික්කයට ගංවතුර තත්වයක් ඇති වුණා.

අද උදැසන වන විට වර්ෂා තත්වය යම් මට්ටමක අඩු වීමක් දක්නට ලැබුනද බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

Read more

Local News