සමගි ජන සන්ධානය නියෝජනය කළ මන්ත්‍රී වඩිවේල් සුරේෂ් රජය සමඟ සම්බන්ධ වන බවට පසුගිය දිනවල විවිධ ප්‍රචාරයන් පැතිර ගියා.
එය තහවුරු කරමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ වඩිවේල් මන්ත්‍රීවරයාට ඉදිරියේදී අමාත්‍ය ධූරයක් ලැබීමට නියමිත බවයි.
සියලු දෙනා එක්ව රටට සේවය කළ යුතු කාලය උදාවී ඇති බවයි වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා පවසන්නේ.
කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.



