ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටසෙහි අලුත්වැඩියා කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත උපදෙස්දී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය ප්‍රමාදවීමට බලපා ඇති කරුණු වෙන් වෙන්ව අධ්‍යයනය කරමින් මතුවී ඇති ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙසද බලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘතියේ කටයුතු අඩාලවීමට ජනතා ගැටලු බලපා ඇත්නම් ඒවා විසඳා ගැනීමට මැදිහත්වන ලෙසද ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය වෙත උපදෙස් දුන්නේය.



