යුද හමුදා ජීප් රථයක් බවුසරයක ගැටෙයි

Share

යුධ හමුදා පොලීසියට අයත් ජීප් රථයක් අද උදෑසන බවුසරයක ගැටීමෙන් අනතුරකට ලක්ව තිබුණා.

ඒ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රදාවඩුන්න 48 කිලෝමීටර් කණුව අසලදී.

අනතුරින් ජීප් රථයේ ගමන්ගත් යුධ හමුදා නිලධාරීන් 5 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වුනේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Read more

Local News