රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රු.2,675,000.00ක මුදලක් වංචා කළ කඳාන ප්රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලිවලට පෙනි සිටිමට පැමිණි අවස්ථාවේදී කාර්යංශ නිළධාරීන් විසින් 20 දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාන්තාව මීට පෙර විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ෂණ අංශය විසින් අත් අඩංගුවට ගෙන කළුතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහල කාන්තාවක් බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය විය.
එහිදී මෙම සැකකාරිය වලංගු බලපත්රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් කාර්යංශයේ විශේෂ විමර්ෂණ ඒකකයේ නීති ක්රියාත්මක කිරීමේ නිලධාරි රවී අබේපාල විසින් කරන ලද විමර්ෂණයන්ට අනුව අත්අඩංගුවට ගන්නා ලද අතර, ( 20දින) සැකකාරිය වත්තල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.



