මිනුවන්ගොඩ ඝාතන සිදුකල ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව 2023.06.20 වන දින කුලියාපිටිය හා කටාන පොලිස් වසමිවලදී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ඩුබායි රාජ්‍ය රැදි සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මනික්කුගේ නුරේෂ් සුපුන් දයාරත්න නොහොත් හිනටියන මහේෂ් යන අයගේ සමිපතමයෙකු මනුෂ්‍ය ඝාතනයන් කිරිමට තැත් කිරිම, මනුෂ්‍ය ඝාතනයන්ට ආධාර අනුබල දිම, ගිනි අවි සන්තකයේ තබා ගැනිම, හෙරොයින් ජාවාරම් කිරිම සහ සන්තකයේ තබා ගැනිමේ වරදට කුලියාපිටිය පොලිස් වසමේ අංක 68, මහසෙන් මාවත, ඇඹව, කුලියාපිටිය ලිපිනයේදි වයස අවුරුදු 49 ක් වන මාමා නැමැති පුද්ගලයකු පිස්තෝල අවියක්, එම උණ්ඩ ගැබ් එකක්, එම උණ්ඩ එකක් හා හෙරොයින් ග්‍රෑම් 15, මිලි ග්‍රෑම් 720 ක් සමග මුදලින් රුපියල් 60,000.00 ක් හා ජංගම දුරකථන දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇති ඇත.

කටාන පොලිස් වසමේ අංක 17, කිඹුලාපිටිය, මීගමුව ලිපිනයේ දී මනුෂ්‍ය ඝාතන සිදුකිරිමේ අරමුනින් තුවාල සිදුකිරිමට ආධාර අනුබල දිමේ වරදට වයස අවුරුදු 72 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දී ඇත.

සැකකරු සිදුකරන ලද අපරාධ,

• 2022.10.06 වන දින මිණුවන්ගොඩ පොලිස් වසමේ අංක 189/1, ගමන් ගෙදර, මිණුවන්ගොඩ ලිපිනයේ පිහිටි නිවසේදි සිදුකරන ලද ත්‍රි පුද්ගල මනුෂ්‍ය ඝාතනය සදහා පොලිස් නිල ඇදුමින් සැරසි පොලිස් නිලධාරියෙකු ලෙස වෙඩික්කරුවන් සමග එම නිවසට පැමිණිම.

• 2023.05.26 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේ රන්දොඹේ ප්‍රදේශයේදි අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියොජය විදුහල්පතිවරයකුට වෙඩි තබා තුවල සිදු කිරිම.

• 2023.06.17 වන දින මිනුවන්ගොඩ පොලිස් වසමේ බොරගොඩවත්ත පුජ්‍ය සුගතශිලි මාවත අසල දී පහත විස්තර සදහන් පුද්ගලයන් දෙදෙනා wp BGF-0469 දරණ ඩිවෝ වර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අළු පැහැති ඇල්ටො වර්ගයේ මෝටර් රථයකින් පැමිණ ටී 56 ගිනි අවියකින් වෙඩි තබා තුවාල සිදු කිරිම.

Read more

Local News